සිසුන්ගේ පැමිණීම ඉහළට

ඊයේ (15දා) දිනයට සාපේක්ෂව අද (16දා) දිනය තුළ පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබූ බව ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පාසල්වලට වැඩිම සිසුන් පැමිණි දිනය ලෙස ඊයේ (15දා) දින නම් වී තිබිණි. එම ප්‍රමාණය 3%ත්, 30% අතර ප්‍රමාණයක් ගෙන තිබූ අතර, අද දිනය වනවිට එම ප්‍රමාණය පොදුවේ 05%ත්, 35%ත් අතර ප්‍රමාණයක් ගෙන තිබිණි.

මේ අතර, ඇතැම් ග්‍රාමීය පාසල්වල සිසුන්ගේ පැමීණම 40% ඉක්මවා ගොස් තිබිණි.

Exit mobile version