පුරාවස්තු සොයා කැණීම් කළ 4ක් අත්අඩංගුවට

මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැණීම් සඳහා යොදාගත් උපකරණද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 43 හා 50 වයස්වල පසුවන මොණරාගල හා කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකාරියන් අවුරුදු 30 හා 43 යන වයස්වල පසුවන වැලියාය හා කොටියාගල පදිංචිකාරිනියන් ය.

ඔවුන් අද(17) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version