දන්සැල් ලියාපදිංචි කරන්න අදත් පුළුවන්

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කිරීමට නියමිත දන්සල් ලියාපදිංචිය සඳහා අද(17) දිනයේද අවස්ථාව හිමිවන බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ලියාපදිංචි වී ඇති දන්සැල් සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගන්නා බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේය.

Exit mobile version