ලංකාවට එල්ල වන තර්ජන ඉන්දියාවට එල්ල කළා හා සමානයි

ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජන යනු ඉන්දියාවට එල්ල වන තර්ජනයක් හා සමාන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං මහතා ප්‍රකාශ කර සිටියි.

මහනුවර දළදා මාළිගාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අප්‍රේල් 21 දින ඉන්දීය ජාතිකයන්  11ක් ඇතුළුව අහිංසක ජීවිත අහිමි කරමින් සිදු කළ ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව හා ශක්තිමත් ලෙස නැඟී සිටින බවයි.

“අපි ඔබ සමඟ ජිහාඩ් මතවාදයට හා ජිහාඩ් ත්‍රස්තවාදයට එරෙහිව කරට කර සටන් කරනවා” යනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහය ලබා දීම සහතික කරමින් ඔහු ප්‍රකාශ කර ඇත.

Exit mobile version