අමෙරිකාවෙන් උතුරු කොරියාවට සම්බාධක

ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව නම් කර ඇත. ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව අමතර සම්බාධක පැනවීමට සහ දඩ මුදල් පැනවීමට අමෙරිකාවට ඉඩ සැලසේ.

උතුරු කොරියාව හිතුවක්කාරී ලෙස දිගින් දිගටම න්‍යෂ්ඨික අත්හදා බැලීම් වල නිරත වන බැවින් මේ තීරණය ගත් බව අමෙරිකාව සදහන් කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරගේ දින 12 ක ආසියානු සංචාරය නිමාවීමෙන් සතියකට පසුව මෙම තීරණය ගැනීමද තවත් සුවිශේෂී කරුණකි.

Exit mobile version