ත්‍රස්තවාදයක් ඇති වු හේතු වලට වහා විසදුම් ලබා දිය යුතුයි

වසර 10 කට පසුව ත්‍රස්තවාදයක් යළි ඇති වීමට හේතු වු කරුණු පිලිබඳ සොයා ඊට වහා විසදුම් ලබා දිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නාරාහේන්පිට අභයාරාම විහාරස්තානයේ පැවති පුණ්‍ය කටයුත්තකට එක්වීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා මේබව ප්‍රකාශ කළේය.

යුධ ජයග්‍රහණය වෙනුවෙන් මියගිය රණවිරුවන්ට පිං පැමිණ වීම සහ ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමේ පිංකම් මාලාවක් පළාත් 9ක  ස්ථාන කිහිපකදී පැවැත්වුණු අතර අභයාරාම විහාරස්ථානයේදී ද පිරිත් පිංකමක් පැවැත් විය.

එම අවස්තාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය.

Exit mobile version