ලොරි-යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට

දුම්මලසුරිය, කුළියාපිටිය මාර්ගයේ පළුගමුව හංදිය ප්‍රදේශයේදි ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු කුළියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගිය පුද්ගලයා ඕපාත අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version