ඩෙංගු රෝගය වර්ධනය වීමේ අවදානමක්

නිරිත දිග මෝසම් වැසි සමඟ ඩෙංගු රෝගය වර්ධනය වීමේ අවදානමක් පැවතිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගත වු මාස කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් 17,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ද වාර්තා වේ.

Exit mobile version