වැස්සේ වැඩිවීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, වි‍ශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර හා දකුණු පළාත්වල වැසි වාර කීපයක් ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද, වයඹ හා නැගෙනහිර පළාත්වලත් වව්ව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක තරමක තද වර්ෂාවක් බලාපො‍රොත්තු විය හැකි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වෙයි.

මේ අතර, පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ස්ථාන කීපයක් වැසි ඇකි විය හැකියි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් පැයට කිලෝ මීටර 20-30 අතර වේගයෙන් හමා එයි.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුද විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකියි.

Exit mobile version