විපක්ෂනායක කොළඹ පාසල් වලට යයි

තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල් වලට ගොස් අද (21දා) දිනයේදී පාසල් වල ආරක්‍ෂක තත්ත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැන්වීමට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට කටයුතු කරන ලෙස ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ  අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද එක්වූහ.

Exit mobile version