කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තදවැසි – ඡායාරූප

මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ පිහිටි කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද(21) පස්වරුවේ තද වැසි පතිත වුණි.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්, දික්ඔය, නොර්වුඩ් යන ප්‍රදේශවලටයි මෙසේ අධික වර්ෂාව පතිත වුයේ.

පස්වරු 1.30 සිට 2.30 දක්වා පැයක පමණ කාලයක් තද වැසි පතිත වු බවයි අප වාර්තාකරු පැවසුවේ.

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ජලශයේ ජල මට්ටම 30% දක්වා පහල බැස තිබුණි.

Exit mobile version