මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 32කට ඇප

පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 32ක් ඇප මත මුදා හැර ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව පසුගිය 14 වනදා මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Exit mobile version