තඹ කර්මාන්ත ශාලාවේදී අත්අඩංගුවට ගෙන ඇප ලැබුණු සැකකරුවන්ට නොතීසි

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට මේ මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළේය.

වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබීය.

Exit mobile version