යතුරු පැදියක ගැටී අයෙක්ට දිවි අහිමි වෙයි

බලංගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

දෙහිගස්තලාව ප්‍රදේශයේ දි බලංගොඩ දෙසට ධාවනය වු යතුරු පැදියක මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස 75ක් වු පනාමුරවත්ත දැරණියගල ලිපිනයේ පදිංචි අයෙකි.

බලංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version