කොටහේන, බ්ලූමැන්ඩල් පටුමගේ නිවසක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත කොටහේන පොලීසිය විසින් අද(23) පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මියගොස් ඇත්තේ 67 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙක් වන අතර ඔහු අදාල නිවසේ තනිව වාසය කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම මරණය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.