හක් බෙල්ලන් 2500ක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ ‍මන්නාරම පොලීසිය එක්ව අද(23) සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නාවික හමුදාව හා පොලීසිය එක්ව මන්නාරම, තාරපුරම් හන්දියේ යොදා ඇති මාර්ග බාධකය අසලදි කැබ් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහිදී හක් බෙල්ලන් 2500 ක් සමඟ පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම හක් බෙල්ලන් තොගය පේසාලේ සිට මන්නරම දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, හක් බෙල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලදි.

Exit mobile version