ISIS ත්‍රස්තවාදීන් පරාජය කරයි – ඉරාන ජනාධිපති

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීම සඳහා සටන් කළ ISIS ත්‍රස්තවාදීන් පරාජය කර විජයග්‍රහනය ලබා ගත් බව ඉරාන ජනාධිපති හසාන් රූහානි විසින් අද ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට ISIS පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සහ දුන් ප්‍රධාන අනුග්‍රහයකයා වන ඉරානය සිරියාවේ හා ඉරාකයේ සටන් වැද සිටිය IS ත්‍රස්තයන්ට එරෙහිව සටන් වැදීමට දහස් ගණනින් ස්වේච්ඡා හමුදා හා යුද උපදේශන ද ලබා දුන්නේය.

රූපවාහිනී නාලිකාවක් ඔස්සේ  ISIS පරාජය ගැන ප්‍රකාශයට පත් කළ  රුහානි “ඉස්ලාමයේ සියලු සටන්කරුවන් ට, ඉරානයේ ආධ්‍යාත්මික නායකයා අයතුල්ලා අල් කමේනිට සහ ඉරාකයේ හා සිරියාවේ සන්නද්ධ බලකායන්ට ස්තුති කරමින් ප්‍රකාශ කළේ මේ විනාශ කළ කණ්ඩායම නරක, විනාශ, මිනීමැරීම් හා ම්ලේච්ඡත්වය හැර වෙන කිසිවක් ගෙන ආවේ නැති බවය.

Exit mobile version