මහවැලි ඉඩම් අයථා ආකාරයට ලබාදීමට කටයුතු කර නෑ – අමාත්‍ය මහින්ද අමරවීර

අද (22) පාර්ලිමේන්තුවේ දී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ,

අපි කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයථා ආකාරයට ලබාදීමට කටයුතු කර නෑ. මම හෝ ජනාධිපතිතුමා හෝ කිසිදු කෙනෙකුට වාසි ලැබෙන ලෙස ඉඩම් ලබා දී නෑ. චෝදනා එල්ල නොවන ආකාරයට රජයේ ඉඩම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරමින් යනවා. ”ඉල්ලුවොත් පරාදයි. අල්ලා ගත්තොත් දිනුම්” කියලා මහවැලි ඉඩම්වලට කතාවක් තියෙනවා. මෙය වෙනස් කිරීමට විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් යනවා. ඔප්පු ලක්ෂයක් ලබාදෙන ඉලක්කයක් තිබෙනවා. ඔප්පු 18378ක ඉලක්කයක් වළව ප්‍රදේශයේ ලබාදීමට හැකි වුණා. නියඟයට, ආපදවට මිලියන 38,000ක් ලබාදුන්නා. වසවිස නැති ගොවිතැන සාර්ථක කර ගන්න වැඩකරගෙන යනවා. ගොවියාට ලබාදෙන සහනාධාර එලෙසටම ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version