පැපුවා නිව්ගිනි රාජ්‍යයේ අගමැති ඉල්ලා අස්වෙයි

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය පීටර් ඔනෙල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි ප්‍රබලයන් කිහිප දෙනෙකුම විපක්ෂය සමග එක්වීමත් සමග ඔහු මෙම තීරණයට එලැඹ තිබේ.

වසර 7ක කාලයක් පැපුවා නිව් ගිනි රාජ්‍යයේ අගමැති ධුරය හොබවන ඔනෙල් වෙත ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා බල කෙරුණු එකම සිදුවීම මෙය නොවන අතර, ඔහුට පසුගිය සති කිහිපය පුරාම විවිධ චෝදනා යටතේ අගමැති ධුරය අත්හරින ලෙස බල කෙරිණි.

54 වැනි වියෙහි පසුවන ඔනෙල් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් හිටපු අගමැති සර් ජූලියස් චාන් වෙත අගමැති ධුරය තාවකාලිකව පිරිනමන බවද පවසා ඇත.

රට තුළ ස්ථාවරත්වයක් පැවතීම තමන් අගය කරන බව පවසා ඇති ඔනෙල්, රජයේ වෙනස් වීමක් අවශ්‍ය බව ජනතාව ඉල්ලා සිටින මොහොතේ, ඒ වෙනසට ඇහුම්කන් දෙමින් ඉල්ලා අස්වන බව අවධාරණය කර ඇත.

Exit mobile version