කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව අදත් පැමිණිලි රැසක්

අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා විසින් නීතිවිරෝධී වඳ සැත්කම් කර ඇති බවට, මේ වන විට පැමිණිලි 15 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.

රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන් 4 ක් ඔහු සමග සේවය කළ වෛද්‍යවරුන් විසින් ගොනු කරනු ලැබ ඇති බවයි.

අද දිනයේත් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කාන්තාවන් රැසක් රෝහල වෙත පැමිණ ඇතැයි ද ඔහු පවසයි.

සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා පෙරේදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම වෛද්‍යවරයා සම්බන්ධ වඳ සැත්කම් පිළිබඳ පැමිණිලි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

Exit mobile version