යතුරුපැදි අනතුරකින් STF ‍නිලධාරියෙක් මරුට

ආණමඩුව ‍බංගදෙනිය මාර්ගයේ සිදු වු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ‍පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බංගදෙනිය මාර්ගයේ පෙරමාකුත්තුව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරුවන් දෙදෙනා ආණමඩුව රෝහල‍ට ඇතුළත් කිරීමේ දී එක් යතුරුපැදිකරුවෙක් මෙසේ මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වු කෑදෑත්තෑව, ආණමඩුව පදිංචි රත්නායක මුදියන්සේලා‍ගේ ප්‍රසන්න නාමල් රත්නායක යන පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරට අනියුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

Exit mobile version