දිවයිනේ සංචාරයක යෙදෙන චීන ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඊයේ (22) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
මේජර් ජෙනරාල් ෂි ෂොන්ග්වූ ඇතුළු මෙම නියෝජිත පිරිස පසුගියදා අධ්‍යාපන චාරිකාවක් සඳහා මෙරටට පැමිණෙන ලදී.
මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම් වෛද්‍යරත්න මහතා සහ මේජර් ජෙනරල් ෂි ෂොන්ග්වු මහතා සුහද සාකච්ඡාවක නිරතවූ අතර එම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
අතිරේක ලේකම් (ආරක්‍ෂක) ආර්.එම්.එස් සරත් කුමාර මහතා, හමුදා සම්බන්ධීකරණ නිළධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාද මෙම අවස්ථාවට සහභාගී වූහ.