Home දේශීය පුවත් අනුරාධපුරයේ දෙමහල් නිවසක ගින්නක්

අනුරාධපුරයේ දෙමහල් නිවසක ගින්නක්

0
අනුරාධපුරයේ දෙමහල් නිවසක ගින්නක්

අනුරාධපුර, සමාධි ක්‍රිකට් ක්‍රිඩාංගණය අසල පිහිටි දෙමහල් නිවසක කොටසක් ඊයේ(27) සවස ගිනිගෙන විනාශ වි ඇති බවට වාර්තා වෙයි.

මෙම නිවසේ හිමිකරු ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියා කරන පුද්ගලයෙක් බවත් ඔහුගේ භාණ්ඩ ගබඩා කර තිබු කාමරයක් තුළ මෙම ගිනන් හට ගෙන තිබේ.

ගින්න හේතුවෙන් භාණ්ඩ ගබඩා කර තිබු කාමරයේ භාණ්ඩ විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්නෙන් පුද්ගලයින් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති බවයි පොලීසිය පැවසූවේ.

අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දමා තිබෙන බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version