මාතර වෙරළින් මළ සිරුරක් හමුවෙයි

මාතර වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් අද(28) උදෑසන සොයාගෙන තිබේ.

වෙරළ තීරයට ගොඩ ගසා තිබූ පුද්ගල මළසිරුරක් පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් මාතර පොලීසිය දැනුවත් කර තිබුණි.

මළසිරුර, වයස අවුරුදු 50කට නොඅඩු පුද්ගලයෙකුගේ බවට පොලීසිය සැක පළ කරයි.

මාතර පොලීසිය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version