සයිබර් ආරක්ෂණය ගැන පනත් කෙටුම්පතක් ?

සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද(28) පැවැසීය.

ඉකුත් දිනෙක ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකටද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වඩාත් සුරක්ෂිත සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය හා අදාළ සෙසු ආනයනික ව්‍යුහයන් බලගැන්වීම පනතේ මූලික අරමුණු බවද සඳහන් කළේය.

කොල්ලුපිටිය ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Exit mobile version