කේරල ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

කේරල ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 362ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු නාගලගම්විදිය, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(29) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version