දියේ ගිලී අයෙක් අතුරුදන්

වෙල්ලාවලි පොලිස් වසමේ පාලඩ්වට්ටි බක්කිඇල්ල වට්ටාන හන්දියේ ඇළක දිය නෑමට පැමිණි පිරිසක් අතරින් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට වාර්තා වෙයි.

මේ පිළිබඳ වෙල්ලාවලි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන්ව ඇත්තේ සුන්දරම් චන්ද්‍රකුමාර් නැමැති අයෙකි.

මේ වන විට අතුරුදන් වු පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතන සිටින අතර වෙල්ලාවලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version