මිනුවන්ගොඩ සිද්ධියට අදාළ 15කට ඇප – 4ක් නිදහස්

මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 15 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (29) එම නියෝග කළේය.

සැකකරුවන් 15 දෙනාගෙන් එක් අයකුට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරිමට මහේත්‍රාත් කේසර සමදිවාකර මහතා නියම කළේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකු නිදහස් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඇප නියම වූ සැකකරුවන් 15 දෙනාට ජුනි 7 වැනි දා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

Exit mobile version