ආපදාවලින් විපතට පත්වූවන්ට චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 2750ක්

ආපදාවලින් විපතටපත් ශ්‍රී ලාංකික ජනතාවට බෙදා හැරීම සදහා සහල් මෙට්‍රික් ටොන් 2750 ක් පිරිනැමීමට චීන ජනරජය කටයුතු යොදා ඇත.

එහි පළමු පියවර ලෙස ඊයේ (22) දින මෙට්‍රික් ටොන් 1000ක් කොළඹ වරායේ දකුණු පර්යන්තයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති H.E. Yi Xianliang මහතා විසින් ආපදා කළමනාකරන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත පිරිනමන ලදී.

මෙම අවස්තාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, සහන සේවා අධ්‍යක්ෂක චමින්ද පතිරාජ යන මහත්වරු ඇතුළු චීන සහ ශ්‍රී ලාංකීය නියෝජිතයන් රැසක් සහභාගි විය.

Exit mobile version