සැමියා බිරිඳ මරයි

පැල්මඩුල්ල, නාරංගොඩ ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට පහර දී ඝාතනය කර ඇති බවට වාර්තා වෙයි.

අද(30) උදෑසන සැමියා විසින් පොරවකින් බිරිඳට මෙලෙස පහර දී ඇතැයි පැල්මඩුල්ල පොලීසියට තොරතුරක් ලැබී තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 38 ක් වු මාරිමුත්තු තමිල් සෙල්වී නැමැත්තියකි.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති අතර, සැකකරු පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version