මඩකලපුවෙන් අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි

මඩකලපුව නගරයට යාබද ඇති පුම්බකාර ප්‍රදේශයේ වැවේ අධිබලැති  ක්ලේමෝ බෝම්බයක් ඊයේ  සවස සොයා ගෙන ඇත

මඩකලපුව මහානගර සභා සේවකයින් වැව අයින පිළිසකර කිරිමේදී මෙම බෝම්බය සොයාගෙන පොලීසියට දෙනුම් දෙන ලදී.

එම ස්ථානයට ගිය බෝම්බ නිෂ්ක්‍රිය කිරිමේ හමුදාව හා පොලීසිය  මේ සම්බන්ධව විමර්ශන සිදුකරයි.

මෙම ක්ලේමෝ බෝම්බ  LTTE  කාල වකවානුවේ භාවිතා කළ එකක් බව හමුදාව පවසයි.

Exit mobile version