පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රැම් 80 ,000 ක් හම්බන්තොටින්

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රැම් 80 ,000 ක් හම්බන්තොට ප්‍රදේශයේ සහල් ගබඩාවක තිබියදී සොයා ගෙන තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සදහන් කලේ , වෙළද පොලට නිකුත් කිරිම සදහා සුදානම් කර තිබු එම සහල් , ලද තොරතුරක් මත කල වැටලීමකදී සොයා ගත් බවයි.

අදාළ සහල් ගබඩාවට මේ වන විට මුද්‍රා තබා ඇති අතර , වැඩිදුර විමර්ශන සදහා එම සහල් වලින් සාම්පල 36 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

Exit mobile version