ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ එක්ව කණුකෙටිය, හුංගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පට්ටියපොල පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව කණුකෙටිය ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී මොටර් රථයක් මඟින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කිරමින් සිටියදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් වයස අවුරුදු 56 සහ 31 වියෙහි පසුවන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, ගංජා තොගය සහ මොටර් රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා හුංගම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.

Exit mobile version