ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති අද මෙරටට

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(03) දිනයේ මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

පීටර් ඩට්න් මහතා සිය සංචරය තුළදී ශ්‍රී ලංකා රජයේ ඉහල පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඔහු අද පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත යාමට ද සැළසුම් කර තිබේ.

මේ අතර එම දේවස්ථානය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණි.

හෙට(04) දිනයේ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක තත්ත්වය සහ මිනිස් ජාවාරම් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට ද කටයුතු සූදානම් කර තිබේ.

Exit mobile version