ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය අද

ඉන්දියාවේ නාග්පූර් නගරයේ දී අද (24) සිට 28 දක්වා ඉන්දියා – ශ්‍රී ලංකා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වන අතර, ඊට ඉන්දිය කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගි නොවේ. මේ ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සහ ප්‍රබල වේපන්දු යවන්නා වන බුවනේෂ්වර් කුමාර්ය.

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ධවාන් ලකුණු 94ක් රැස්කළ අතර, බුවනේෂ්වර් කුමාර් ප්‍රථම ඉනිමේ දී හා දෙවන ඉනිමේ දී කඩුලු හතර බැගින් දවා තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.  බුවනේෂ්වර් දෙවන ඉනිමේ දී ලකුණු අටකට කඩුලු හතරක් දවා දස්කම් පෙන්වීය. ධවාන් වෙනුවට මුරලි විජේ ද බුවනේෂ්වර් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් ද ඉන්දියාව නම් කර ඇත.

කල්කටා නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවට පත්වීම නිසා තරග 3කින් සමන්විත මේ ටෙස්ට් තරගමාලාවේ දෙවැනි තරගයට දෙපිලම එක්වන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තු අතැතිවය.

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම ලංකා සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය වේ.  ශ්‍රී ලංකා කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්.

ඉන්දියාව –  විරාට් කෝලි (නායක), කේ. රාහුල් මුරලිවිජේ, පුජාරා, රහනේ, ෂර්මා, සාහා, අස්වින්, ජාඩෙජා , කේ යදවු, සාමි යු යදව්, ඉෂාන්ට් ෂර්මා, විජේ ශංකර්.

Exit mobile version