ගෙල කපා ඝාතනය කළ පිරිමි මළ සිරුරක් සොයා ගැනේ

අම්බලන්තොට, වලේවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇති පිරිමි මළ සිරුරක් අම්බලන්තොට පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඊයේ(02) රාත්‍රීයේ මේ පිළිබඳ තොරතුරු ලැබීමෙන් අනතුරුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 31 ක් වු ලියනපතිරණගේ නිශාන්ත නැමති වලේවත්ත, අම්බලන්තොට ලිපිනයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version