හිස්බුල්ලා – සාලි ධූරයෙන් ඉවත් වෙයිද ?

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපතිලේකම් කාර්යාලයේ විශේෂ හමුවක් පැවැත් වෙන බව වාර්තා වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් මෙන්ම අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එක්ව ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව බොහෝ විට මොවුන්ගේ ධූරයන් පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ පසුගිය 31 වන දින ආරම්භ කළේය.

පුජ්‍ය අතුරලියේ රතන හිමි ආරම්භ කළ උපවාසයේ සිව්වන දිනය අදයි.

ඒ අනුව ඊයේ(02) රාත්‍රිය වනතුරුත් භික්ෂුන් වහනසේ ඇතුළු පක්ෂ විපක්ෂ දේශලපාලඥයින් උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා මහනුවර වෙත පැමිණ තිබුණි.

Exit mobile version