මෙම වසර අවසන් වීමට පෙර නිකුත්වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව හැඳුනුම්පත් සකස්කර නිවාසටම ලැබෙන්නට සලස්වන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමඟම මුළුමනින්ම නතරවනු ඇතැයි ද ඒ මහතා කීය.
වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකු ම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.