Home දේශීය පුවත් හිසට කළ පහරදීමකින් තිදරු මවක් ජීවිතක්ෂයට

හිසට කළ පහරදීමකින් තිදරු මවක් ජීවිතක්ෂයට

0
හිසට කළ පහරදීමකින් තිදරු මවක් ජීවිතක්ෂයට

හිසට සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල උතුරු කැබිල්ලේවෙල පදිංචිව සිටි නාලනී මල්ලිකා නමැති තිදරු මවකි.

මියගිය කාන්තාව පොළියට මුදල් ලබා දෙන අතර විත්තිකරු ඇගෙන් මස තුනකට පෙර ලබාගත් බව කියන රුපියල් තිස්දහසක මුදල ඉල්ලා සිටීමට සැකකරුගේ නිවසට ඉකුත් මස 10 වැනිදා ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස් විමක් පසු මෙම පහරදීම සිදුකර කර තිබේ.

මේ බව මරණකාරිය ප්‍රකාශකර ඇති බව පොලීසිය සදහන් කළේය.

එදින සිට මිය යන තෙක්ම ඇය බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 15 වනදා අත්අඩංගුවට ගෙන තිබූ යතුරුපැදි ගරාජයක් හිමි සැකකරු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version