වඩු කර්මාන්තකරුවන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරයි

වඩු කර්මාන්තකරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය මොරටුව නගරයෙන් අවහිර වී ඇත.

වඩු මඩු තහනම් කෙරෙන බවට වන ප්‍රකාශයට එරෙහිව විරෝධය පල කරමින් ඔවුන් මොරටුව නගර මධ්‍යයේ මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

විරෝධතාව හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මංතීරු දෙකම අවහිර වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව සඳහන්ය.

Exit mobile version