එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරඟය අද

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරඟය කාඩිෆ්හිදී අද(08) පැවැත්වේ.

මෙවර තරගාවලියේ මේ දක්වා තරඟ දෙක බැගින් සහභාගි වූ එංගලන්තය සහ බංග්ලාදේශය ඉන් එක් තරඟය බැගින් ජය ගෙන තිබේ.

එංගලන්තය මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ පසු වන්නේ 6 වන ස්ථානයේයි. බංග්ලාද්ශ කණ්ඩායම එම සටහනේ 8 වන ස්ථානයේ පසු වෙයි.

ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමයි. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව එහි 3 වන ස්ථානයේ පසුවෙයි.

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර ඒ අනුව දෙපිළටම එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමි විය.

Exit mobile version