ජාතික බුද්ධි ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඒ බව තහවුරු කරමින් සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබී ඇති බවයි.

සෞඛ්‍ය හේතු මත පසුගිය පළමු වන දා සිට ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් ඉවත්වන බව මෙන්ඩිස් මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් මහතා පසුගිය දා සාක්ෂි ද ලබාන්නේ ය.

Exit mobile version