Home දේශීය පුවත් කඩුවකින් කපා තරුණයෙක් ඝාතනය කරයි

කඩුවකින් කපා තරුණයෙක් ඝාතනය කරයි

0
කඩුවකින් කපා තරුණයෙක් ඝාතනය කරයි

දුන්ගල්පිටිය, සේතතප්පාඩුව ප්‍රදේශයේ මාර්ගයේ දී පුද්ගලයින් පිරිසක් විසින් කඩුවකින් කපා කොටා බරපතළ තුවාල ලබා සිටි තරුණයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

ඊයේ(09) රාත්‍රීයේ දී මෙම සිදුවීම සිදුවු බවට දුන්ගල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු සෙත්තප්පාඩුව, පමුණුගම ප්‍රදේශයේ පදිංචි විජේසිංහ මුදියන්සේලාගේ දිල්හාන් ඇන්ටන් දිලූෂ අයෙක් බව පොලීසිය පවසයි.

මරණකරු හා තවත් පිරිසක් අතර තැබෑරුමක මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වු ආරවුලක් හේතුවෙන් එම පිරිස විසින් මාර්ගයේ දී මෙලෙස තරුණයා ඝාතනය කර ඇති බවට පොලීසියට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු ඝාතනය සඳහා උපයෝගී කර ගත් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version