නුවන් ප්‍රදීප් අබාධයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට ලක්ව තිබේ.

ඒ ඊයේ පැවති පුහුණුවීම් අතර වාරයේදී පන්දුවක් ඔහුගේ පන්දු ඇඟිල්ලේ වැදීමෙන් එහි අස්ථියක් බිඳී ඇති බවයි කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මැල් සඳහන් කර සිටියේ.

” නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේකිව ඉන්න සිදුවෙනවා. ඔහුගේ ඇඟිල්ලේ ආබාධයට ලක්වූ විගස රෝහල් ගත කළා. දැනට වෛද්‍යවරුන් ඇඟිල්ලේ අස්ථිය සුපුරුදු පරිදි යථා තත්ත්වයට ගෙනවිත් තියෙනවා. මේ හේතුවෙන් ඔහුට හෙට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන තරඟයට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ” යැයි ද අසන්ත ද මැල් මහතා වැඩිදුරටත් පැවසිය.

Exit mobile version