මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන්, මහා සංඝරත්නය ඉල්ලීමක් කරයි

ආණ්ඩුවෙන් ඉවත්වූ කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන්ට නැවතත් සිය අමාත්‍යධුර භාර ගන්නා ලෙස මහා සංඝරත්නය අද(10) මාවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන අතරතුර තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් එම ස්ථානයට පැමිණ සිය විරෝධය පළ කළේය.

සිව් කෝරළ එක්සත් බෞද්ධ පදනම මඟින් මාවනැල්ල උතුවන්කන්ද ධර්ම දූත විහාරස්ථානයේ අද මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණි.

ඒ පසුගියදා ඇමතිධුරවලින් ඉල්ලා අස් වූ කබීර් හෂීම් ඇතුළු, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවූ මන්ත්‍රිවරුන්ට යළි ඇමතිකම් ලබා දෙන්නැයි ඉලමින්ය.

මාවනැල්ල ප්‍රදේශයේ භික්ෂු වහන්සේ සහ ගිහි පිරිසක් ඊට එක්ව සිටියේය.

Exit mobile version