ලංගම සේවකයින් ඩිපෝ 3ක ප්‍රධාන ගේට්ටු අවහිර කරයි

වැඩවර්ජනයේ නිරත සේවකයින් පිරිසක් ඩිපෝ 3ක ප්‍රධාන ගේට්ටු අවහිර කරමින්, බස් ධාවනය අඩාල කර ඇති බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසයි.

මහරගම, අකුරැස්ස සහ මීගමුව ඩිපෝවල ප්‍රධාන ගේට්ටු එලෙස අවහිර කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, එම ගේට්ටු යළි විවෘත කර ඩිපෝ සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස පොලීසියෙන් ඉල්ලා ඇති බව ය.

කෙසේ වෙතත් ජාතික සේවක සංගමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් පවසන්නේ තමන් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, අදාළ පත්වීම් ලබා දී ඇත්තේ නිත්‍යනුකූළ ක්‍රමවේදයකින් නොවන බව ය.

Exit mobile version