කේරළ ගංජා සමඟ හතරක් මාට්ටු

වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙදෙනෙකු මිහින්තලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 450ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ, ගලේවෙල සහ මාදම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version