සිසු හෙද / හෙදි පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය හෙට

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළනැංවීමට පියවර ගනිමින් සිසු හෙද / හෙදි පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය  හෙට (27) දින පස්වරු 3.00 ට අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙහිදී 2012 “බී” හෙද 1629 කට බඳවා ගැනීමේ පත්වීම් සහ හෙද උපාධිධාරී පත්වීම් 76 ක් ලබාදීමට නියමිතය. තව ද උපස්ථායක, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අරක්කැමි ඇතුළු පත්වීම් 2200 ක් මෙහිදී ලබාදීමට නියමිතය

Exit mobile version