ජෙෆ්රි ඇලෝසියස්ට සිංගප්පූරු යන්න අවසර

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හට ජුලි 01 දා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවට යෑමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ(13) එම නියෝග ලබා දී තිබේ.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ගේ දියණියකගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවීමට අවසර ලබා දෙන ලෙස මෝසමක් මඟින් නඩුව කැඳවමින් කළ ඉල්ලීම සලකා බැලු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ බැඳුම්කර මත ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගතවීමට අවසර ලබා දුන්නාය.

එමෙන්ම එම සැකකරු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

නමුත් විත්තිය කාරණා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බව පෙන්නවා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

Exit mobile version