සහරාන්ගේ තවත් සමීපතයෙක් අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාත් නායක සහරාන්ගේ හම්බන්තොට පුහුණු කඳවුරකදී සහරාන්ගේ දේශන වලට සහභාගි වී අවි පුහුණුව ලබා ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවට ගිවිසුම් ගත වූ බව කියන 21 හැවිරිදි තරුණයෙක් වැලිමඩ සිල්මියා පුරදි අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.

සැකකරු පිළිබඳව ප්‍රදේශවාසීන් ගෙන් ලැබුණ  තොරතුරක් මත අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් නදීරා බෝගස්වත්ත මහත්මිය ගෙන් රැඳවුම් නියෝගයක් ලබා වැලිමඩ පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බවද පොලීසිය සඳහන් කළේය.

2018 වසරෙ අගභාගයේදි  තමා හම්බන්තොට සහරාන්ගේ කඳවුරකදී  ‍ඔහු‍ගේ දේශණ වලට සහභාගි වූ බවත් ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා දිවි‍ හිමියෙන් කැපවන බවට සහරාන් ඉදිරියේ දිවුරා ගිවිසුම් ගත වූ බව සැකකරු අනාවරණය කර තිබේ.

එම කඳවුරේදී ටී  56 සහ රිවෝලවර භාවිතය පිළිබඳව පුහුණුවක් ලැබූ බවත් සැකකරු පවසා ඇත.

මාවනැල්ලේ බුදුපිළිම විනාශ කිරිමේ සිද්ධියේ සැකකරුවන් හා මොහු සමීප සම්බන්ධතාවක්  පවත්වා ඇති අතර එම සැකකරුවන් මොහුගේ  ළඟම මිතුරන් වන නමුත් ‍බුදුපිළිම විනාශ කිරිමේ සිද්ධියට  හවුල් නොවු බවඳ සඳහන් කර තිබේ.

තමා ළඟ තිබූ සහරාන්ගේ දේශන ඇතුළත් හඩ පට හා පොත්පත් ගිනිතබා විනාශ කළ බවද පැවසූ බව පොලීසිය පවසයි.

ජාතික තවුහිද්  ජමාද්  ක්‍රියකාරි සමාජිකයෙක්  වන සැකකරු

තමා මාදම්පේ අරාබි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු බවත් මාසයක පමණ කාලයක් පාසැල් නොගිය නිසා පාසැලෙන් ඉවත් කල බවත් සැකකරු පවසා තිබේ.

බෝම්බ සිද්ධියෙන් පසු  ගමට පැමිණ සිටියදී පොලීසියට කොටුවී ඇත.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි  සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්  පරීක්ෂක එච්.එම් .ඩබ්ලිව්.හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version